ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුළු රජය ලබාදෙන කොන්දේසි ඉටු කිරිමට “face book” ආයතනය කටයුතු කළ හොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය. ෆේස්බුක් ආයතනය සමඟ මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදු කරමින් සිටන බවත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. “face book” තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය. ‘‘අපිට මේක දේශපාලන ප‍්‍රශ්නයක් නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්නවලට ඉඩ ලබාදිය නොහැකියි.මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න“face book” ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අර ගෙන තිබුණේ නැහැ. මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුණ ලොකුම බාධකය. නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුණේ නැහැ. ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා. එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ප‍්‍රශ්නය විසදන්න ලැබෙන්නේ නැහැ. “face book” ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් එම ආයතනයේ තීන්දුව ලබා දෙනකන් අපි බලා ගෙන ඉන්නේ. ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි. ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය “face book” ආයතනයට ඇතුළත් කර ගන්නව නම් අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ යැයිද ඔහු පැවසීය.
Lanka Newsweek © 2026